ඩයනාගේ පෙත්සමට සජිත්ට – මද්දුම බණ්ඩාරට නොතීසි

198

සමගි ජනබලවේගය පක්‍ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස හා එම පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් එම පක්‍ෂයේ තනතුරු දැරීම් වළක්වන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ලබන ජනවාරි 25 වැනිදා කරුණු දක්වන ලෙස දන්වා අතුරු තහනම් දැන්වීම් හා නොතිසි යැවීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (09දා) නියෝග කළාය.

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනුකර තිබූ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරිය එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට එලෙස නොතිසි නිකුත් කළාය. ඔවුන් දෙදෙනා එක්සත් ජතික පක්‍ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විධායක කමිටුව ගත් තීරණයට එරෙහිව මේ වන විටත් නඩුකර ගොනුකර ඇති බවත් එමඟින් ගම්‍ය වනුයේ ඔවුන් එජාප සාමාජිකත්වයෙන් ඉවත් වීමට ඇති අකමැත්ත බවත් සිය පෙත්සම මගින් සඳහන් කර තිබූ ඩයනා ගමගේ මහත්මිය සමගි ජනබලවේගය පක්‍ෂ සාමාජිකත්වය නොදරන අයකුට එම පක්‍ෂයේ තනතුරු දැරීමේ හැකියාවක් නොමැති බවද අධිකරණයට කියා තිබිණි.

නීතිඥ මියුරු ඉහලහේවා, එන්. කේ. අසෝක්වරන් යන විනිසුරු මඬුල්ල සමග ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment