වරායේ ඉන්ධන මගඩියට ඉංජිනේරුවකු ඇතුළු 4ක් මාට්ටු

1762

කොළඹ වරායේ කලක් තිස්සේ මහා පරිමාණයෙන් සිදුවූ බව කියන ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් එම වරායේ ඉංජිනේරු නිලධාරියාද රියැදුරන් දෙදෙනකු සහ වැද්දුම්කරුවකුද කොළඹ වෙරළබඩ පොලිසිය මගින් පෙරේදා(04දා) අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් වංචනිකව ලබාගත් රුපියල් දසලක්‍ෂයක් පමණ වටිනා ඉන්ධන ලීටර් 3,300ක් පමණ ඔවුන් විසින්ම ආපසු වරායට ලබාදී තිබෙන බව වෙරළබඩ පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳව පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යද්දී තමන්ගේ අත්වැරැද්දකින් මෙම වංචාව සිදුවූ බව ඔවුන් හෙළිකර ඇත.

පොහොය දිනවල කොළඹ වරාය භූමිය ජනාකීර්ණ නොවන අතර ඔරුගොඩවත්තේ සිට බවුසර්වලට ඉන්ධන පුරවා කොළඹ වරායේ සවිකර තිබෙන විශාල ටැංකිවලට ඩීසල් පොම්ප කිරීමේදී නිසි ලෙස ඉන්ධන පුරවා තිබේ දැයි අදාළ නිලධාරීන් සොයා බලා නැති බව පොලිසිය කියයි.

මෙම ඉන්ධන ජාවාරම සති කීපයකට පෙර සිදුවී තිබුණත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදාය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment