තිරු නඩේෂන් මේ ඉපැයීම් කළේ 1990 – 2000 කාලයේ

396

පැන්ඩෝරා පත‍්‍රිකා සම්බන්ධව අයි. සී. අයි. ජේ. වෙබ්අඩවිය දක්වා ඇත්තේ තිරු නඬේෂන් මහතා 1990 හා 2000 කාලය තුළ උපයා ගත් බව කියන ආදායම් බව සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (05 දා)පාර්ලිමේන්තුවේදී පැවසීය.

මොහු ඒ කාලයේ ඉපැයීම් කළා නම් ඊට වගකිව යුත්තේ එවකට ඔහු සමග දැඩි සබඳතා පැවැත්වූ පාලකයන් බවද ඒ මහතා කියා සිටියේය. කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී තුෂාර ඉ`දුනිල් මහතා කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇතුළු පවුලට නැවත වරක් 2015 වගේ මඩ ගහන්න පටන් අරගෙන. මේ එකක්වත් ඔප්පු කරන්න පුළුවන් කාරණා නොවෙයි. අයි. සී. අයි. ජේ. බේසයිට් එකේ තිබුණු ඒවා ඒ කවුරුවත් හරියට කියවලා නැහැ.

කිසිම පදනමක් නැති චෝදනා එල්ල කරන්න පාර්ලිමේන්තුව භාවිතා කිරීම ගැන අපි කනගාටු වෙනවා.

විද්‍යා අමරපාලගේ පැනමා පේපර්වල තිබුණේ කාගේ සල්ලිද කියලා දන්නේ නැතිව විපක්‍ෂය කතා කරනවා. විද්‍යා අමරපාලගේ නමින් සල්ලි තැන්පත් කරපු කෙනාට සමගි ජනබලවේගයෙන් අපේක්‍ෂකමත් දුන්නා.

මේ වෙබ්සයිට් එකක තියෙනවා සොයාගෙන තියෙන්නේ 1990 – 2000 අතර ඉපැයීම් කියලා. ආපු ප‍්‍රමාණය, ආපු විදිහ, ගත්ත ප‍්‍රමාණයන් සඳහන් වෙනවා. ඔය කියන විදිහට තිරු නඬේෂන් ඉපැයීම් කළානම් ඊට වගකිව යුත්තේ ඒ කාලයේ හිටිය රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපති, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ඞී. බී. විජේතුංග ජනාධිපති, චන්ද්‍රිකා කුමාරතුංග වැනි රාජ්‍ය නායකයන්.

තිරු නඬේසන් නමැත්තා චන්ද්‍රිකා බණ්ඩාරනායකව අගමැති කරන්න බලපෑම් කළ හැටි වික්ටර් අයිවන්ගේ පොතේ තියෙනවා.

විද්‍යා අමරපාලගේ සල්ලි කාගෙද කියලා චම්පික රණවක මන්ත‍්‍රීවරයාගෙන් අසා කියන්න කියා මා විපක්‍ෂයට අභියෝග කරනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment