21න් පහළ ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලිය -ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේ දී මැලේසියාවට පරදියි

134

අද හොංකො සමග තෙවැනි තැනට සටනක

වයස අවුරුදු 21 න් පහළ ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග යටතේ මැලේසියාව සමඟ ඊයේ (16 වැනිදා) පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව 36-77 ක් ලෙස දරුණු පරාජයක් ලැබීය.

එම පරාජයත් සමග ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි වී ගිය අතර තරගාවලියේ අවසන් මහා තරගය සිංගප්පූරුව සහ මැලේසියාව අතර අද පැවැත්වේ.

ඊයේ පැවති අනෙක් අවසන් පූර්ව තරගයේ දී සිංගප්පූරුව හමුවේ හොංකොං පරාජයට පත්විණි. ඒ අනුව මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ හොංකොං අද තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මූලික වටය යටතේ දකුණු කොරියාව සහ බෲනායි පරාජයට පත් කළ අතර සිංගප්පූරුව සමග පැවැති තරගයෙන් ලකුණු 29- 51 ක් ලෙස පරාජයට පත් වූයේ ය.

මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වූ අවසාන තරගයෙන් ද චීන තායිපේ කණ්ඩායමට එරෙහිව පහසු ජයග්‍රහණයක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment