භාෂා 12කින් සේවය සපයන සංචාරක පද්ධති රටවල් 47කින් ශ්‍රී ලංකාව පළමු තැනට

81

ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්න පුළුවන් භාෂා 12කින් සේවය සපයන ආසියානු නවොත්පාදන සංචාරක පද්ධතිය රටවල් 47කින් පළමු තැන ශ්‍රී ලංකාවට හිමි විය.

ඉන්දියාවේ චෙන්නායි හි පැවැති මෙම සම්මාන උළෙල ආසියාවේ නවොත්පාදන සංචාරක පද්ධතිය වෙනුවෙන් සම්මානයක් ශ්‍රී ලංකාවට හිමි විය.

මෙම සම්මානය ලබා ගන්නේත් තඹුත්තේගම පදිංචි රවිඳු දිල්ෂාන් මහතාය. රට වෙනුවෙන් ලබාගත් දෙවන සම්මානය මේ වන අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම ඔහුගේ අරමුණ වේ.

දිවයින පුවත්පතට අදහස් දැක්වූ රවිඳු දිල්ෂාන් මෙසේ පැවසීය.

මේ මගේ දෙවන ජාත්‍යන්තර සම්මානයයි.මම ඉපදුණේ ලස්සන ගමක. නමින් තඹුත්තේගම. කලින් වතාවේ ලංකාවේ පළමු ෑ(ඉ) නගර ව්‍යාපෘතිය හැදුවා. ඒ ඉපදුණු ගම කේන්ද්‍ර කර ගනිමින් මේ අවස්ථාවේ මුළු රටක් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමත් අපේ රට වෙන රටවල හෑල්ලු වෙන වෙලාවක රටේ ලස්සන ලෝකයට පෙන්නලා හැංගිලා තියන තැන් එළියට අරගෙන භාෂා 12 කින් ඨදදටකැ හි ශ්‍රේණි ගත කරමින් වසර 2 ඇතුළත ශ්‍රී ලංකාවට විශාල විදේශිකයින් රැසක් රැගෙන ආපු (s sssrilankatravelpages’com Platform) එකක්.

මේ ජයග්‍රහණයේ ආරම්භය තියෙන්නේ එක තැනක ඒ 2021 වර්ෂයේ කොරෝනා වසංගතය වෙලාවේ අපේ රටට බින්දුවට ම වැටිලා තියනකොට තමා මේ කර්තව්‍ය ආරම්භ කළේ.

මෙහි මූලිකත්වය ඔස්ටේ්‍රලියාවේ විශාලතම මෝටර් සයිකල් කෞතුකාගාරය සමග කටයුතු කරන චරිත් රත්නායක අයියා මේ ජයග්‍රහණයේ ප්‍රධාන දායකයා ඔහුයි. ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කරන්න ඔහු ගත්ත වෙහෙස මම පෞද්ගලිකව දන්නවා. නමුත් ඔහුට අවශ්‍ය තැන හමු වුණේ නෑ. අදහස් පිළිගත්තේ නෑ. නමුත් අපි නිහඬව අපේ ව්‍යාපෘතිය ඉදිරියට ම අරගෙන යනවා..

අපි හැම වෙලාවෙම කතා කළේ ලංකාවට සංචාරකයන් ගෙන්වන්න පුළුවන් විවිධ ක්‍රමවේද පිළිබඳවය.ි වෙන රටවල් දරන මත පිළිබඳ සොයා බැලීම් කළා. එහිදි අපිට විශේෂ තැනක් හමු වුණා. ඒ විශේෂ තැන නිසා තමා අද අපි ලෝකයේ වෙනස් ආකාරයට නිර්මාණය වූ සංචාරක පුවරුවට හිමිකම් කියන්නේ
කළුන්දෑගම – චාමර වික්‍රමආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment