චීනයේ ‘එක් තීරයක් සහ එක් මාවතක්’ සමුළුවට ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශත් එක්වෙයි

250

චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් චීනයේ බීජිං නුවර පැවති ”ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට (The 3rd Belt and Road Forum for International Coperation) උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගී විය.

රාජ්‍ය නායකයන්, දේශපාලන පක්ෂ නායකයන් හා ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුවට විමල් වීරවංශ මහතා සහභාගී වූයේ චීන රජයේ ඇරැයුම පරිදිය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලැබීය. වසර දහයකට පෙර අරඹන ලද “එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය (BRI)” මහජන යහපත සඳහා වන සහයෝගීතා වේදිකාවක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගෙන ඇති බවත් එය ශක්තිමත් ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ප්‍රධාන සමුළු සැසිවාරය අමතමින් පෙන්වා දුන්නේය.

මෙහිදී විමල් වීරවංශ මහතා ප්‍රධාන සමුළු සැසිවාරයට මෙන්ම සෙසු විශේෂ සමුළු සැසිවාරයන් කිහිපයකටද සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment