ජාතික ආධුනිකත්ව ශිෂ්‍යයන් පුහුණු වන ආයතනවල උපකරණවලට රක්ෂණාවරණයක් – ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති රුචික අමරසේකර

70

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු කරන පුහුණුලාභීන්ගෙන් ආයතනවල උපකරණවලට යම් කිසි හානියක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් නව රක්ෂණාවරණයක් ලබාදීමට එම අධිකාරිය සැලසුම් කොට තිබේ.

හඳුන්වාදීමට නියමිත මෙම රක්ෂණාවරණය මගින් සේවා යෝජකයන්ගේ උපකරණ, යන්ත සුත්‍ර හා මෙවලම් සඳහා රුපියල් ලක්ෂ පහක රක්ෂණාකරයක් හිමිවන බව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති රුචික අමරසේකර මහතා පවසයි.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් පුහුණු පාඨමාලා නිම කොට ප්‍රායෝගික පුහුණුව සඳහා අනුයුක්ත කරන පුහුණුලාභීන්ගෙන් සේවා ආයතනවලදී විවිධ හානි සිදුවන බැවින් මෙම තීරණයට එළැඹි බව මහනුවර දී පැවැති උත්සවයකදී ඒ මහතා කීවේය.

පුහුණුලාභීන් පුහුණුව ලබන අවස්ථාවලදී පුහුණු ලාභීන්ගෙන් උපකරණවලට හානි සිදුවන බැවින් ඇතැම් ආයතන පුහුණවීම් සඳහා ආධුනිකයන් බඳවා ගැනීමට මැළිවන අවස්ථා වාර්තා වී ඇති බව ද කී ඒ මහතා , ඊට පිළියමක් වශයෙන් මෙම තීරණයට එළැඹි ඇති බවත්, ලබන වර්ෂය වන විට රක්ෂණාවරණ ලබාදීමේ කාර්යය ක්‍රියාත්මක වන බවත්, අනාගතයේදී වෘත්තිය නිපුණත්වය සමගින් තරුණ ශ්‍රමයට යහපත් අනාගතයක් උදාකරදීම රජයේ අපේක්ෂාව වන බව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති රුචික අමරසේකර මහතා වැඩිදුරටත් කීවේය.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment