සහන මිලට මාළු දෙන්න ධීවර සංස්ථාවෙන් වෙළෙඳ සල් ජාලයක්

127

සහන මිලට මාළු දෙන්න ධීවර සංස්ථාවෙන් නවීන වෙළෙඳ සල් ජාලයක් රටපුරා ස්ථාපිත කරන බව ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා පැවසීය.

මාළු වෙළෙඳ සල් ජාලයෙහි මිනුවන්ගොඩ ශාඛාව විවෘත කරමිවන් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පාරිභෝගිකයන් වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව මෙම වෙළෙඳ සල් ජාලය නිර්මාණය කළ බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ධීවර සංස්ථාව කඩිනමින් ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට 2023 වසරේ සැලසුම් සකස් කරන බවද ඇමැතිවරයා තවදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment