සාන්ත පීතර – ජෝසප් ගැටෙන සාන්තුවරයන්ගේ සටන අද

175

මරදාන සාන්ත ජෝසප් විදුහල සහ බම්බලපිටිය සාන්ත පීතර විදුහල් අතර ‘මෝරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන ‘සාන්තුවරයන්ගේ සටන ගැටුම අද (13 වැනිදා) ආරම්භවේ. එ් අනුව දෙදින තරගයක් ලෙසින් කි‍්‍රයාත්මක අදාළ තරගය කොළඹ එස්.එස්.සී. පිටියෙදී පැවැත්වෙන අතර එය ඩයලොග් ආසිආටා විසින් බලගන්වනු ලබයි.

ශාන්ත ජෝසප් කණ්ඩායම ශ‍්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක දක්ෂ තුන් ඉරියව් ක‍්‍රීඩක දුනිත් වෙල්ලාලගේ

විසින් මෙහෙයවනු ලබන අතර ශාන්ත පීතර කණ්ඩායම 5 වැනි වසර වර්ණලාභියකු මෙන්ම දක්ෂ පිතිකරුවකු වන නිපුනක ෆොන්සේකාගේ නායකත්වය යටතේ තරග වදිනු ඇත.

රට තුළ පවතින් වසංගත තත්ත්වය හේතුවෙන් අවදානම අවම කරගැනීම සඳහා මෙම තරගය පේ‍්‍රක්ෂක

සහභාගිත්වයකින් තොරව පැවැත්වෙන නමුත් උද්‍යෝගිමත්

ආදි සිසුන් හා වත්මන් සිසුන් විශාල පිරිසක් පුද්ගලික, දුරස්ථ ස්ථානවල සිට ආරක්ෂිතව තරගය නැරඹීමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි සෞඛ්‍ය අවශ්‍යතාවන් හා මාර්ගෝපදේශයන් අනුගමනය කරනු ඇත.

මේ අතර ‘පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් දෙවිදුහල් තරග වදින සීමිත පන්දුවාර තරගය 1975 වසරේ ආරම්භ වූ අතර, පාසල් අතර පැවති ප‍්‍රථම එක්දින තරගයද වේ. පන්දුවාර 50 පාසල් ක‍්‍රිකට් තරගයක් සඳහා සහභාගි වන ඉහළම පේ‍්‍රක්ෂක පිරිස ආකර්ෂණය කරගැනීමට මෙම තරගය සමත්ව ඇති අතර, මෙවර විදුහල් දෙක අතර පන්දුවාර 50 තරගය දෙසැම්බර් 16 වෙනිදා පේ‍්‍රක්ෂක සහභාගිත්වයෙන් තොරව කොළඹ එස්.එස්.සී. පිටියේ පැවත්වීමට නියමිතය.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති ගරු රන්ජිත් අන්ද්‍රාදි පියතුමා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ප‍්‍රධාන උපදේශක / උප සභාපති – සමූහ නීති සහ නියාමන ටි‍්‍රනේෂ් ප‍්‍රනාන්දු මහතා සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ගරු රෝහිත රොද්‍රිගූ පියතුමන්.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment