වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරට දූෂිතයෙක් පත්කළැයි විරෝධය පා දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක

190

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09දා) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

දූෂිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බංඩාර මහතාට වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය පළ කිරීමක් ලෙස එම සංගමය පැය 24ක සංකේත වැඩවර්ජනයක් කිරීමට හදිසියේ රැස්වූ විධායක සංගමය තීරණය කළ බව එහි ලේකම් කසුන් චාමර මහතා ‘දිවයින’ට කීය.

ඒ තීරණය අනුව ඊයේ රාත්‍රී 12 සිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු සියලුම සේවා වාරවලින් ඉවත් වීමට තීරණය කළ බවද හෙතෙම පැවසීය. කෙසේ වෙතත් දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් මෙම වර්ජනයට සහභාගි නොවන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment