මනම්පිටිය රෝහලේදී ට්‍රොලියෙන් වැටුණු දිඹුලාගල නාහිමිට අසාධ්‍යයි

338

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (05 වැනිදා) උදෑසන මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් රෝහල තුළට රැගෙන ගිය ට්‍රොලියෙන් වැටී අසාධ්‍යව පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය.

මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට උන්වහන්සේව ඇතුළත් කළ අවස්ථාවේ සේවයේ නිරතව සිටි සේවකයන්ගේ නොසැලකිලිමත්කමින් උන්වහන්සේ ට්‍රොලියෙන් වැටී තුවාල ලබා අසාධ්‍යව රෝහල්ගත කරන්නට සිදු වූ බව දිඹුලාගල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අත්තනකඩවල ජනතාලංකාර නාහිමියෝ පැවසූහ.

මෙම සිද්ධියෙන් පසුව එහි සේවකයන් දෙදෙනකු තමන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටි බව ද උන්වහන්සේ කීහ.

බොහෝ රෝහල් සේවකයන් රාජකාරියේ නිරත වන මොහොතේදී ජංගම දුරකථන භාවිතා කරමින් සමාජ ජාලාවල සැරිසරන නිසා රෝගීන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට ලක්වන බව ද උන්වහන්සේ කියා සිටියහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment