ඇමරිකාවේ ඔත්තු බැලූ චීන බැලූනය ප්‍රහාරක යානාවලින් බිම හෙළයි

200

ඇමරිකාව පුරා පිහිටි ප්‍රධාන හමුදා ස්ථාන පිළිබඳ ඔත්තු බැලූ බව කියන යෝධ චීන බැලූනයක් ඇමරිකානු ප්‍රහාරක යානා මගින් බිම හෙළා තිබේ.

පෙන්ටගනය තහවුරු කළේ ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා මගින් එක්සත් ජනපද මුහුදු සීමාවට ඉහළින් බැලූනය බිම හෙළුෑ බවයි.

චීනයේ විදේශ අමාත්‍යාංශය මේ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක ඇති අතර චීනය පවසන්නේ ‘සිවිල් මිනිසුන් රහිත ගුවන් යානාවලට පහර දීමට එක්සත් ජනපදයේ බලය යෙදවීමට එරෙහිව දැඩි විරෝධය’ දක්වන බවයි.

කුඩා පිපිරීමකින් පසු බැලූනය මුහුදට වැටෙන ආකාරය ඇමරිකානු රූපවාහිනි ජාලා මගින් ප්‍රදර්ශනය කර තිබිණි.

ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් මාධ්‍ය වෙත පැවසුවේ බැලූනයේ සුන්බුන් දකුණු කැරොලිනාවේ මර්ටල් වෙරළ ආසන්නයේ මුහුදට කඩා වැටී ඇති බවයි. සැතපුම් හතක් (කිලෝමීටර් 11ක්) පුරා පැතිරී ඇති සුන්බුන් සොයා ගැනීමට එරට නාවික හමුදාව මෙහෙයුමක් අරඹා ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment