2023 දකුණු ආසියානු ඊ – වාණිජ්‍යය සමුළුවේදී දේශසීමා ඊ- වාණිජ්‍යය, AI සහ තාක්ෂණය ප්‍රමුඛත්වය ගනී

31

දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඊ-වාණිජ්‍යය අන්තර්ජාල වෙළෙඳපොළ වන Daraz Group විසින් සත්කාරකත්වය ලබාදුන් 2023 දකුණු ආසියානු ඊ- වාණිජ්‍යය සමුළුව දින දෙකක් පුරා පැවැත්විණි.

දාර්ශනිකයන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන්, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය යන රටවල ව්‍යවසායකයන්ගේ සංසදයකින් මෙය සමන්විත විය. ඔවුන් සියලු‍දෙනා එක්ව ඊ-වාණිජ්‍යයේ දැවැන්ත හැකියාවන් ගවේෂණය කළ අතර මෙම ඩිජිටල් විප්ලවය මෙහෙයවීමේදී කාන්තාවන් ඉටු කරන ප්‍රධාන භූමිකාව සමරන ලදි.

ඊ-වාණිජ්‍යය සම්මත කර ගැනීම වේගවත් කිරීම සහ රටවල් අතර ඩිජිටල් බෙදීම් අවම කිරීම කෙරෙහි අවධානය යොමු කළ සාකච්ඡා සහ තීක්ෂණ බුද්ධිය සහිත ඉදිරිපත් කිරීම් මඟින් දකුණු ආසියා ඊ-වාණිජ්‍යය සමුළුව සාර්ථක විය. මෙහි ප්‍රධාන මාතෘකා වූයේ දේශසීමා ඊ-වාණිජ්‍යය සඳහා උපාය මාර්ග, ව්‍යවසායකත්වය පෝෂණය කිරීමඅ, සමාජ බලපෑම සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීම සහ ප්‍රතිපත්ති රාමු තුළ සැරිසැරීමයි. මීට අමතරව දාර්ශනික නායකයන් ඊ-වාණිජ්‍යය අංශය ඉදිරියට ගෙනයාමේදී ඇතුළත් වීම, තිරසාරභාවය, පුද්ගලීකරණය කළ පාරිභෝගික අත්දැකීම්වල වටිනාකම පිළිබඳ අවධාරණය කෙරීය.

advertistmentadvertistment
advertistmentadvertistment