දුම්රිය ඉඩම් බදු දෙයි

234


දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සඳහා අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකර ගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී.

ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය සහ වෙනත් කටයුතු සඳහා අයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇත.

ලබන 24 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවත් මේ යටතේ මුහුදු බඩ මාර්ගයේ කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඉඩම් බදු දීමට අපේක්ෂිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනයක් ඇති පරිසර පද්ධති ආශ්‍රිත දුම්රිය ඉඩම් ද බදු දීම සඳහා අයැදුම්පත් කැඳවා තිබේ.

කෙසේ වෙතත් මෙම ඉඩම් බදු දීමේදී ව්‍යාපෘති යෝජනාවල ඵලදායිතාවල සංවර්ධන ක්‍රියාවලියට ඉන් ඇති දායකත්වය මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා පවත්වාගෙන යාමට බාධාවක් නොවීම යන කරුණු සැලකිල්ලට ගනු ලබන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment