ඉරිදා දේවමෙහෙය අතරතුර පිලිපීන සරසවියක පිපිරීමක් – 4 ක් මරුට – 40 කට තුවාල

140

පිලිපීනයේ විශ්වවිiාලයක ඉරිදා (3 දා) උදෑසන කතෝලික දේව මෙහෙයයන් අතරතුර සිදුවූ බෝම්බ පිපිරීමකින් සිව්දෙනකු මියගොස් ඇත.

පිලිපීනයේ දකුණුදිග මින්දනාවෝ දූපතේ මරාවි හි පිහිටි විශ්වවිiාලයක මෙම පිපිරීම සිදුව ඇත.

මින්දනාවෝ රාජ්‍ය විශ්වවිiාලයේ ඉරිදා උදේ දේවමෙහෙය පැවැත්වී ඇත්තේ එහි ව්‍යායාම් සිදුකරන ශාලාවේදීය.

මෙම ප්‍රහාරය පිටුපස මුස්ලිම් අන්තවාදීන් සිටින බව එරට ආරක්ෂක ආරංචි මාර්ග කියයි.

මෙම පිපිරීමෙන් තවත් 40 ක් පමණ තුවාල ලබා ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment