දකුණු චීන මුහුදේ නාවුක කටයුතු ගැන ඉන්දු ඔස්ට්‍රේලියානු අගමැතිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්

177

දකුණු චීන මුහුදේ නාවුක කටයුතු සඳහා ජාත්‍යන්තර සාගර නීතියට අනුව ස්ථාවර චර්යා පද්ධතියක් ක්‍රියාත්මක කළ යුතු බවට ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු අගමැතිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.ඉන්දියාවේ නිල සංචාරයක යෙදුනු ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බෙන්ස් මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමෙන් පසු මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.එක්සත් ජාතීන්ගේ සාගර නීතියට අනුව දකුණු චීන මුහුදේ නාවුක කටයුතු ක්‍රියාත්මක කිරීමේ අභියෝගයක් පවතින බව සඳහන් කරයි.ජාත්‍යන්තර සාගර නීතිය අනුව සෑම සාගර කලාපයකම නාවුක අභ්‍යාසවල නිරතවීමේ අයිතිය සහ නිදහස තිබිය යුතුය.බලපෑම්,තර්ජන වලින් තොරව සෑම රටකටම බලපාන ලෙස සාගර නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් එය කලාපයේ සාමකාමී පැවැත්ම සඳහා වැදගත් බවද අදාල ඒකාබද්ධ නිවේදනයේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙම හමුවේදී ඉන්දු පැසිෆික් සාගර කලාපයේ නාවුක මෙහෙයුම් කටයුතු,සාගර පරිසර ආරක්ෂාව,සාගර දූෂණය අවම කිරීමට තිරසාර මෙහෙයමු සිදුකිරීම ගැනද අවධානය යොමු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment