ශ්‍රී ලංකා ‘ඒ’ සහ ලයන්ස් පළමු සිව්දින සටන අද ඇරඹේ

96

ශ්‍රී ලංකා‘ ඒ’ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පළමු නොනිල සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතය.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ මෙවර ශ්‍රී ලංකා සංචාරය සඳහා නිල නොලත් ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත් වන අතර ලයන්ස් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලියේ නායකත්වය නිපුන් ධනංජයට හිමි වී තිබේ.

මෙම සංචිතය සඳහා ටෙස්ට් වරම් දිනා සිටින කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙනිය යන ක්‍රීඩකයෝ ද ඇතුළත් වෙති.

එසේම අවශ්‍ය වූ විටෙක කැඳවීම සඳහා පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් දුනිත් වෙල්ලාලගේ, සධීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝත් මධුෂාන්, නුවන් තුෂාර, අවිශ්ක ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර සහ අවිශ්ක ප්‍රනාන්දු ද නම් කර තිබේ.

මෙම තරගාවලිය සඳහා පුහුණු තරගයක් ලෙස පැවැති ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම ජයග්‍රහණය ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment