ඩෝප් රියැදුරකු පැදවූ කාරයක් යාපනයේදී බෝක්කුවකුත් කඩාගෙන මුහුදට පෙරළිලා

203

යාපනය කරෙයිනගර් මාර්ගයේ පොන්නාලේ ප්‍රදේශයේදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන බෝක්කුවක්ද කඩාගෙන ගොස් මුහුදට පෙරළී තිබේ.

දකුණේ සිට අවුරුදු නිවාඩුව ගත කිරීමට පැමිණි පිරිසක් යාපනයේ සිට කැෂුරිනා වරාය නැරඹීමට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති අතර එක් අයෙකු පමණක් සුළු තුවාල ලබා තිබේ.

තුවාලකරු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර අනතුරෙන් මෝටර් රථයටද හානි සිදුව තිබේ.

මෝටර් රථය පැද වූ රියැදුරා බීමත්ව සිටි බවට මේ වන විට තොරතුරු හෙළි වී ඇත.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment