බි්‍රතාන්‍ය යුවළක් කටුකුරුන්දේදී හෙළ කුල සිරිතට යුගදිවියට…

543

එංගලන්තයේ ලෙස්ටසයර් ප්‍රාන්තයේ පදිංචි යුවළක් සිංහල සංස්කෘතියට ඊයේ (12 දා) දහවල් 12 යි 12 ට කළුතර කටුකුරුන්දේදී යුගදිවියට එළඹුණහ.

56 හැවිරිදි Rupert Julian සහ 53 Nicky Jane නමැති යුවළ මෙසේ විවාහ ගිවිසගත් අතර උඩරට නර්තන ශිල්පීන් පෙරටු කර ගනිමින් කන්ද විහාරයේ කුමාරි ඇතින්නගේ පිටින් යුවළ හෝටලයට පැමිණියහ. සිංහල චාරිත්‍ර අනුව ජයමංගල සහ අෂ්ඨක ගයද්දී පෝරුවේ චාරිත්‍ර සිදුකර විවාහ ගිවිස ගැනීම සිදුවිය.

කළුතර කටුකුරුන්ද වෙරළ ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක පැවති විවාහ මංගල උත්සවයට දෙස් විදෙස් සමීප හිතවත්හු කිහිපදෙනෙකු පමණක් සහභාගි වී සිටියහ. කොරෝනා වසංගතයෙන් පසු ලංකාවේ පැවැත්වෙන පළමු විදෙස් විවාහ මංගල උත්සවය මෙය බව සඳහන් වේ.

ලංකාවේ තත්ත්වය හොඳයි සංචාරයට එන්න ආරාධනා කරනවා යැයි Rupert Julian මහතා පැවසීය.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment