ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අද හෙටම

256

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (02දා* පැවසීය.

මේ දිනවල පවත්වන උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵලද ඉක්මණින් ලබාදී සරසවි ප‍්‍රවේශ කාලය අඩු කරන බවද ඇමැතිවරයා කීය. හෝමාගම ගොඩගම ළමා හා මාතෘ සායනය වෙත සහ ගොඩගම උතුර – දකුණ සිතමු කාන්තා ගොවි සංවිධානය වෙත උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ආහාරවලින් ස්වයංපෝෂිත රටක් හදන්න ජනාධිපතිතුමා ජාතියට ආරාධනා කර තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් හෝ අපට නිපදවා ගන්න පුළුවන් නම් පිටරටින් ගෙන ඒම යම් ප‍්‍රමාණයකින් අඩුකර ගන්න පුළුවන් යැයි දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී යදාමිණි ගුණවර්ධන, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී විකුම් කිත්සිරි යන මහත්වරුන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. හෝමාගම සෞඛ්‍ය වෛi නිලධාරී ඉන්දික කටුදම්ප, අතිරේක සෞඛ්‍ය වෛi නිලධාරී හරිත අලූත්ගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චමින්ද සිල්වා, අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment