හීනය ඇත්ත කර ගන්න  ගේ මැද නිධන් හාරලා අත්අඩංගුවට ගත් අටදෙනා 9 දා තෙක් රිමාන්ඩ්

116

නිවසේ සාලය මැද නිධානයක් ඇති බව රෑ හීනෙන් දුටු බැවින් එම නිධානය ගැනීමට යැයි කියා නිවසේ හිමිකරු ඇතුළු අටදෙනකු එකතුව නිවස තුළ වළක් හාරමින් සිටියදී කඩවත පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත එම ස්ථානය වටලා සැකකරුවන් අට දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

කඩවත නගරයේ මත්පැන් අලෙවිසලක් අසල අතුරු මාර්ගයක පිහිටි මෙම නිවසේ සාලයේ මහනුවර ප්‍රදේශයෙන් කට්ටඬියන් ගෙන්වා ශාන්තිකර්ම සිදුකරමින් කුකුළු බිලි දීමට කුකුළන් ද සූදානම් කර තිබී ඇත.

නිවසේ හිමිකරු සහ ඔහුට සහායට පැමිණි පිරිස අත්අඩංගුවට ගත් පොලිසිය 25 වැනිදා ඔවුන් මහර අංක එක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විනිසුරු කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය නියෝග කර ඇත.

කඩවත පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දසනායක මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

කැලණිය මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment