පුතාගෙන් අතවර වූ දැරිය නිවසක රඳවාගෙන සිටි කොස්තාපල් අත්අඩංගුවට

1202

තම පුතා 14 දැරියකට සිදු කළ අපයෝජනයක් පිළිබඳව සිදුකරන පොලිස් විමර්ශන කටයුතු යටපත් කිරීම සඳහා එම දැරිය රැගෙන ගොස් බිබිලේ පිහිටි නිවසේ රඳවාගෙන සිටි කොස්තාපල්වරයකු මොනරාගල පොලිසිය මගින් පෙරේදා (08 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපයෝජනයට ලක්වූ දැරිය මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොස්තාපල්වරයා දැරිය මෙසේ කැඳවා ගෙන ගොස් ඇති බව මොනරාගල පොලිසිය කියයි.

මේ අනුව මෙම අපයෝජනය සිදු කළ කොස්තාපල්වරයාගේ පුත්‍රයා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

“අනේ මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යයි කියා සිතුවේ නැහැ යැයි කොස්තාපල්වරයා පොලිස් විමර්ශන නිලධාරීන්ට පවසා ඇත.

මොනරාගල පොලිසිය කියන අන්දමට මෙම කොස්තාපල්වරයා මෙම ප්‍රශ්නය දුරදිග නොයවන ලෙස දැරියට බලපෑම් කර ඇත.

මෙම දැරියගේ පවුලේ පාර්ශ්වය දිගින් දිගටම මේ පිළිබඳව සිදුකරන විරෝධතා සහ පොලිස් පැමිණිලි යටපත් කිරීමේ අරමුණින් අදාළ පොලිස් කොස්තාපල්වරයා දැරිය පැහැරගෙන මෙසේ ඔහුගේ නිවසේ රඳවා ගෙන ඇත.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment