කතරගම වඳුරන් රිළවුන් කොටුකළ කූඩුව හොරෙන් ඇරලා!

644

වන ජීවි නිලධාරීන් විසින් ඉතා වෙහෙසක් දරා කතරගම පුදබිමේ ආරක්ෂාකාරිව ඇල්ලූ වඳුරන් සහ රිලවුන් සිටි කුඩුව රාත්‍රි කාලයේ දී කිසියම් පුද්ගලයකු විසින් විවෘත කර ඇල්ලූ වඳුරන් මුදාහැර තිබේ.

කතරගම වනජීවි අඩවි ආරක්ෂක කාර්යාල මගින් මේ දිනවල කතරගම පුදබිම තුළ සහ ගැමියන්ගේ බව බෝග ඇතුළු වගාවන් විනාශ කරමින් සැරිසරණ වඳුරන් සහ රිලවුන් අල්ලමින් සිටී. කතරගම වනජීවි අඩවි ආරක්ෂක එච්. වසන්ත මහතා සඳහන් කළේ මේ වනවිට වඳුරන් සහ රිලවුන් 1256 ක් පමණ ඉතා ආරක්ෂාකාරිව අල්ලා යාල අංක 02 කළාපයට මුදාහරින ලෙසය.

මෙම කුඩුව අරින ලද පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට බස්නායක නිළමේ කාර්යාල ක්‍රියා කර තිබේ.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment