ලීග් රග්බි තරග හතරක් මේ සති අන්තයට

44

ශ්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ‘නිපෝන් පේන්ට් අභියෝග කුසලාන’ අන්තර් සමාජ රග්බි තරග මාලාවට අයත් තවත් තරග 04 ක් මේ සති අන්තයේ දී ක්‍රියාත්මක කෙරේ.

එහි පළමු තරගය ලෙස පොලිස් පිල සහ යුද හමුදා පිල බම්බලපිටිය පොලිස් පිටියේදී අද (05 වැනිදා) තරග වැදීමට නියමිතය.

මෙතෙක් පැවති තරග අතරේ තම අපරාජිත බව ආරක්ෂා කර ගෙන සිටින මහනුවර ක්‍රීඩා සමාජය ට එරෙහිව හැව්ලොක්ස් සමාජය ඉරිදා (07) ප.ව.03.30 ට නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී තරග බිමට පිවිසෙන අතර එම තරගය මේ සතියේ තියුණුම සටන බවට පරිවර්තනය වනු ඇතැයි අනුමාන කළ හැකිය.

තම අපරාජිත බව ආරක්ෂා කර ගෙන සිටින සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජයට එරෙහිව නාවික හමුදාව හෙට (06 වැනිදා ) වැලිසර දී තරග වදියි.

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව වැඩිම ලකුණු ලාභී කණ්ඩායම බවට පත්වන්නට සී.ආර්. පිල සමත් වන අතර වාරයේ දී අඩුම ලකුණු ලබා දුන් කණ්ඩායම බවට ද සී.ආර්. කණ්ඩායම පත්ව සිටීම කැපී පෙනේ.

තරග සටහන

සිකුරාදා (05)

පොලිස් පිල සහ යුද්ධ හමුදා පිල අතර බම්බලපිටිය පොලිස් පිටියේදී

සෙනසුරාදා (06)

සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිල සහ ගුවන් හමුදාව අතර තුරඟ තරග පිටියේ දී

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල සහ නාවික හමුදාව අතර වැලිසර දී

ඉරිදා (07)

මහනුවර පිල සහ හැව්ලොක්ස් පිල අතර නිත්තවෙල දී

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment