විනිසුරු වැටුපින් බදු ගෙවීමේ පෙත්සම සලකා බලයි

181

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම් දෙකක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මස 22 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම තීන්දුව ලබාදුන්හ.

එතෙක් විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අදාළ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ද එදින දක්වා දීර්ඝ කරන ලෙසත් විනිසුරු මඬුල්ල නියම කළහ.

ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment