ලංවිම ණය බිලියන 212ට නගී

174

සේවක කප්පාදුවක්!

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉකුත් වසරේ (2023) අගෝස්තු මාසය වන විට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට හා ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් වෙත ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 212.3 දක්වා ඉහළ ගොස් ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2022 වසරේ අගෝස්තු මස අවසානය වන විට ගෙවීමට තිබූ දිගුකාලීන ණය මුදල රුපියල් බිලියන 396කි. කෙසේ වුවද මෙකී දිගු කාලීන ණය මුදල 2023 වසරේ අගෝස්තු මාසය වන විට රුපියල් බිලියන 230.6 දක්වා පහළ ගොස් ඇති බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි.

ඉන්ධන, ගල්අඟුරු මිල ඉහළ යෑම හේතුවෙන් ඉකුත් වසරේ (2023) පළමු මාස අටේ දී උත්පාදන පිරිවැය රුපියල් බිලියන 324 දක්වා සියයට 55කින් ඉහළ ගොස් ඇති බව ද මෙකී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment