ඩයලොග් Club Vision සාමාජිකයින් සහ පාරිභෝගිකයින් සඳහා සුවිශේෂී වැඩසටහන් මාලාවක්

326

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම තම Club Vision සාමාජිකයන්ට සහ පාරිභෝගිකයින්ට අද්විතීය අත්දැකීම් පිරිනැමීමේ ප‍්‍රයත්නයන්හි තවත් අදියරක් ලෙස අන්තර්ජාලය හරහා සුවිශේෂී වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.

 මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් වූයේ ඩයලොග් Club Vision සහ SLASSCOM හවුල්කාරිත්වයෙන් පැවැත්වූ ‘බැංකු සහ මූල්‍ය අංශය ස්වයංක‍්‍රියකරණය’ පිළිබඳව වැඩසටහනෙනි. ඩයලොග් Club Vision Platinum සහ Gold සාමාජිකයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයට ද නොමිලේ සහභාගීවීමට අවස්ථාව ලද මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලැබුවේ JKIT හි දිලිනි ද අල්විස්, මිලේනියම් IT ආයතනයේ සංජය දයානන්ද සහ Potenza ආයතනයේ ධනූෂ මුතුකුමාරණ විසිනි.

එමෙන්ම Club Vision Red සාමාජිකයින්ට ‘COD Mobile Solo Challenge’ නමැති සුවිශේෂී අන්තර්ජාල ක‍්‍රීඩා තරගාවලිය පවත්වන ලද අතර, මෙම තරගාවලියේදී ජයග‍්‍රාහකයින් සඳහා ආකර්ෂණීය ත්‍යාග පිරිනමනු ලැබීය.

මීළඟ වැඩසටහන වූයේ, SLASSCOM ආයතනය සමඟ එක්ව අවුරුදු 10-16 අතර දරුවන් සඳහා පැවැත්වූ ‘TechKids Summer App Hackathon’ online වැඩමුළුවයි. Ideation, Coding සහ Mobile Application Development යන මාතෘකා යටතේ පැවැත්වූ මෙම වැඩසටහන සැසි හයක් පුරා පැවැත්වූ අතර, ජයග‍්‍රාහකයින් හට TechKids Coding වැඩසටහනට සහභාගී වීම සඳහා ශිෂ්‍යත්ව ලැබුණි. Coding හී මූලික කරුණු පිළිබඳව ඩයලොග් පාරිභෝගිකයින්ගේ වයස අවුරුදු 12-16 අතර දරුවන් සඳහා SLASSCOM සමඟ එක්ව සිදුකළ තවත් වැඩසටහනක් වන්නේ ‘Kids Can Code 2021’ වැඩසටහනයි. රත්නපුර, කෑගල්ල, අනුරාධපුර, බදුල්ල, හම්බන්තොට, නුවරඑළිය, මාතලේ, අම්පාර සහ මොනරාගල යන දිස්ත‍්‍රික්කවල දරුවන් මෙම අවස්ථාවට සක‍්‍රියව සහභාගී වූ අතර, තාක්ෂණික දැනුමක් ඇති සහ අනාගතයට සූදානම් පරම්පරාව දිරිමත් කිරීමේ දැක්මකින් යුත් ඩයලොග් ආයතනය, මේ සියලූ වැඩසටහන් සඳහා ආයතනික අනුග‍්‍රහය දැක්වූයේ මහත් ආඩම්බරයකිනි.

advertistmentadvertistment
advertistmentadvertistment