මහ බැංකු පුටු මාරුව ලබන සතියේ… කබ්රාල් එයි ලක්ෂ්මන් යයි…. කබ්රාල් ඇමැති ධුරයෙනුත් ඉවත්වෙයි

223

ඉදිරි සතියේදි මුදල් රාජ්‍ය ඇමැති ධුරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඉල්ලා අස්වනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වේ.

මහ බැංකු අධිපති ධුරය යළි භාරගැනීම සඳහා කබ්රාල් මහතා මෙසේ ඉල්ලා අස්වීමට නියමිත බව ද වාර්තා වේ.

රටේ පවතින විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිදුකර ඇති විශේෂ ඉල්ලීමක් අනුව මෙසේ රාජ්‍ය ඇමැති කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමට නියමිතය.

මේ අතර ලබන අඟහරුවාදා (14 දා) තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව වත්මන් මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඞී. ලක්‍ෂ්මන් මහතා පසුගිය සිකුරාදා (09 දා) සූම් තාක්‍ෂණය ඔස්සේ මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කළේය.

තමා සිය 80 වැනි ජන්ම දිනයේදී විශ‍්‍රාම යැමට සිටියත් පසුගිය දිනවල සිදු වූ සිත්රිදවන සිදුවීම් තම විශ‍්‍රාම යෑම සති හයකින් පමණ ඉක්මන් කළ බව ද මහාචාර්යවරයා කීවේය.

සිය කතාවේදී මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව සලසා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට සහ මහ බැංකු කාර්ය මණ්ඩලයටත් මහාචාර්ය ඩබ්. ඞී. ලක්‍ෂමන් මහතා ස්තුතිය පළ කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment