සෞඛ්‍ය ගැටළු සොයන්න විපක්ෂයෙන් විශේෂ කමිටුවක්

77

වත්මන් රජයේ සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල ඔහුට හිතවත් පුද්ගලයන් එකට එකතු වී සිදු කරන හොර ගනුදෙනු සම්බන්ධයෙන් සෙවීමට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දෙන ගැටලුවලට විසදුම් සොයා ජනතාවට නිදහස්, නිවහල්, නොමිලේ හා ගුණාත්මක සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයෙන් විශේෂ කමිටුවක් අද (5) ස්ථාපිත කරන ලදී.සෞඛ්‍ය අර්බුධය සම්බන්ධයෙන් තවදුරටත් මැදිහත්වීම සදහා වූ විපක්ෂයේ පොදු එකමුතුව වන මෙය අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී සාකච්ඡා කරන ලදී.එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ 75 වසරක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ මෙවැනි සෞඛ්‍ය ප්‍රශ්නයක් රටේ සිදුව නැති බවත් මෙයට හේතුව පැය 24ම හොරකම් වංචා සිදු කිරිම බවත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන විට සෞඛ්‍ය ඇමතිවරයා කුමක් හෝ යමක් සිදු කරන බවත් ය.

advertistmentadvertistment
advertistmentadvertistment