එළවළු මිල සියයට සියයක් ඉහළ යයි

210

සිල්ලර වෙළදපලේ එළවළු මිළ සියයට සියයකින් ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගිකයෝ පවසතිx තොග වෙළදපලට එළව`ථ තොග සැපයුම සියයට 30න් පමණ පහළ යාම සිල්ලර වෙළදපලේ එළවළු මිළ ඉහළ යාමට බලපා තිබෙන බව පවසති.

තොග වෙළදපලේ රුපියල් 200ක් වූ බෝංචි කිලෝවක් සිල්ලර වෙළදපලේ රුපියල් 450ක් දක්වා ඉහළ දමා තිබූ අතර රුපියල් 280ක් වූ මා`ථ මිරිස් කිලෝවක් රුපියල් 540ක් දක්වා ඉහළ දමා තිබිණි. තොග වෙළදපලේ අමු මිරිස් කිලෝවක් රුපියල් 120ක් ලීක්ස් කිලෝවක් රුපියල් 170ක් කැරට් කිලෝවක් රුපියල් 120ක තොග මිළකට අලවිවූ අතර සිල්ලර වෙළදපලේ එම එළවළුවල මිළද සියයට සියයකින් ඉහළ මිළකට අලවිවූ බව පාරිභෝගිකයෝ පැවැසුහ.

උඩරට පහතරට උතුර වයඹ පලාත්වලින් එළවළු තොග සැපයුම පහළ ගොස් තිබෙන අතර පැවැති වැසි සම`ග එළව`ථ කොරටු හානියට පත්වීම එළවළු සැපයුම අඩාල කිරීමට බලපෑ බව තොග වෙළෙන්දෝ පවසති

දිනකට එළවළු කිලෝ ලක්‍ෂ 25ක් ඉක්මවා දඹුල්ල තොග වෙළදපලට ලැබෙන අතර ඊයේ දිනයේදී එළවළු කිලෝ ලක්‍ෂ 03ක් පමණ ලැබුණ බව එහි තොග වෙළදුන් කීය. පවතින වැසි සමග ඉදිරි මාස දෙක තුල එළවළු මිළ තවදුරටත් ඉහළ යනු ඇති බව තොග වෙළදුන් පවසයි.

දේශීය ලොකු `ථණු කිලෝ ලක්‍ෂ 03ක් පමණ දඹුල්ල තොග වෙළදපලට ලැබුණ බවත් කිලෝවක තොග මිළ රුපියල් 190ක් දක්වා ඉහළ ගිය බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළද මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති යූ.බී.ඒකනායක මහතා පැවැසීයx ආනයකින ලොකු `ථණු ( පකිස්තානයෙන්) කිලෝවක තොග මිළ රුපියල් 140ක් වූ බවත් දේශීය අර්තාපල් කිලෝවක තොග මිළ රුපියල් 150ක් ද ආනයනික  (චීනයෙන්) අර්තාපල් කිලෝවක තොග මිළ රුපියල් 130ක් වූ බවද පැවැසීය.

මාතලේ විශේෂ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment