නසීර් වෙනුවෙට අලි සහීර් මැතිසබයට යවන ගැසට්එක ගහයි

35

හිටපු ඇමැතිවරයකු වූ නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට අලි සහීර් මව්ලානා මහතා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (11 දා) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකට අනුව නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් පසුගියදා මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව මැතිවරණ කොමිසමේ විධානයට අනුව මන්ත්‍රී ධුරය අදාළ මඩකලපුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් ලැයිස්තුවේ ඊළඟ නියෝජිතයා වන අලි සහීර් මව්ලානා මහතා සුදුස්සා බවට නම්කර මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව කොමිසම විසින් අදාළ නම ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මේ අනුව අලි සහීර් මවුලානා මහතා ලබන පාර්ලිමේන්තු සතියේ දී කථානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිතය.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment