හින්දු නොවන අයට පලනි මුරුගන් කෝවිල තහනම් කරයි

414

තමිල්නාඩුවෙ පලනි මුරුගන් කෝවිලට ඇතුළු විය හැක්කේ හින්දු ආගමිකයන්ට පමණක් යැයි සඳහන් කරමින් එහි දොරටුවේ එල්ලා තිබූ බැනරයක් නිසා මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ.

‘හින්දුවරුන්ට පමණක් අවසරයි’ යනුවෙන් සඳහන් බැනරය සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රබල ලෙස හුවමාරු විය. බීබීසී දෙමළ සේවය වෙත අදහස් දක්වමින් විශ්ව හින්දු පර්ෂදයේ තිරුකෝවිල් සංවිධායක අධිවාරම් සෙන්තිල් පවසා තිබුණේ “සියලු ආගමික සිද්ධස්ථානවල ඒ ඒ ආගම්වල අයට සීමා පනවා තිබෙනවා. පළනි කෝවිල සංචාරක ස්ථානයක් නොවේ. වෙනත් ආගම්වල අය අපේ පූජා බලන්න ඕනේ නැහැ. මුස්ලිම් නොවන අයට මක්කමට ඇතුළු විය නොහැකි සේම හින්දු කෝවිල්වලද එය එසේමයි. ආගමික ස්ථාන ප්‍රදර්ශන භාණ්ඩ ලෙස නොදැකිය යුතුයි. හින්දු කෝවිල් ඇතුළට බුර්කා තහනම්” යනුවෙනි.

එහෙත් තමිල්නාඩුවේ හින්දු කටයුතු අමාත්‍ය ශේකර් බාබු පවසා ඇත්තේ හින්දු කෝවිල්වලට වඳින්න එකඟ නම් ඕනෑම ආගමක අයට එය වන්දනා කරන්න පුළුවන්. ඒ සඳහා කිසිදු සීමාවක් නැහැ” යනුවෙනි.

පසුගිය වසරේ මදුරාසි මහාධිකරණය තීන්දු කර තිබුණේ හින්දු නොවන අයෙකුටත් කෝවිල් භූමියට ඇතුළුවීම වැළැක්විය නොහැකි බවයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment