ඉන්දියාව සහ ඊජිප්තුව අතර ආරක්ෂක සහයෝගිතාවක්

109

ඉන්දියාව සහ ඊජිප්තුව අතර ආරක්ෂක සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ඊජිප්තුවේ දෙදින සංචාරයක් සඳහා ඉකුත් 19 වන දින පිටත්ව යෑම විදෙස් මාධ්‍ය දැඩි අවධානයක් යොමු කර ඇත.

 සිය සංචාරයේදී ආරක්ෂක අමාත්‍යවරයා ආරක්ෂක සංස්ථාව ශක්තිමත් කිරීම සඳහා ඊජිප්තු ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් මොහොමඩ් සාකි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

 එහිදී මිලිටරි – හමුදා කටයුතු තිව්‍ර කිරීම සඳහා නව මුලපිරීම් ගවේෂණය කිරීම සහ දෙරටේ ආරක්ෂක කර්මාන්ත අතර සහයෝගිතාව ගැඹුරු කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

 රාජ්නාත් සිං ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසි ද හමුවිය. රාජ්නාත් සිංගේ සංචාරයේ අරමුණ ඉන්දියාව සහ ඊජිප්තුව අතර ආරක්ෂක සහයෝගිතාව සහ විශේෂ මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීම යැයි ඉන්දීය රජය පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment