ඔස්ටි‍්‍රයාවේ ඇමරිකානු තානාපති නිලධාරීහු අභිරහස් රෝගයකට ගොදුරු වෙති

319

ඔස්ටි‍්‍රයාවේ වියානා අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන ඇමරිකානු තානාපති අංශයේ නිලධාරීන් 20 කට අධික සංඛ්‍යාවක් ‘‘හවැනා සින්ඩරොම්’’ යන රෝගයට සමාන වූ අභිරහස් රෝග තත්ත්වයකින් පෙළීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමරිකානු රජය විසින් පරීක්ෂණයක් අරඹා තිබේ. ඉකුත් ජනවාරි මාසයේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු මෙම රෝග තත්ත්වය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර මෙය මොළය ආශ‍්‍රිත රෝගාබාධයක් බව ඇමරිකානු බලධාරීහු පවසති.
 
 2016-1017 කාලසීමාවේ කියුබාවේ ඇමරිකානු තානාපති අංශ නිලධාරීන්ද මේ හා සමාන වූ අභිරහස් රෝග තත්ත්වයකට ලක් වූ බව ප‍්‍රථම වරට වාර්තා වී තිබිණි. ඇමරිකානු විද්‍යාඥයන්ට අනුව ‘‘හවැනා සින්ඩරොම්’’ රෝගාබාධය මයික්‍රෝවේව් විකිරණවලට ඍජුවම නිරාවරණය වීම නිසා ඇති වේ.

advertistmentadvertistment
advertistmentadvertistment