ආගමන විගමනය කොරියාවේ හිර වේ

205

කොරියන් භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටින අපේක්‍ෂකයන් විශාල වශයෙන් විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ලබාගැනීමට පැමිණීම නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මේ දිනවල යම් තදබදයක් තිබුණත් දිනකට පාස්පෝට් 2000ක් නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

කලින් දින වෙන්කරවා ගෙන විදේශ ගමන් බලපත්‍ර ලබාගත යුතු වුවත් කොරියන් භාෂා ප්‍රවීණතා විභාගයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට එම කොන්දේසිය අදාළ නොවන බවද එහි ප්‍රකාශිකාවක සඳහන්

කළා ය. නමුත් කොරියන් විභාගයට මුහුණ දෙන පිරිස ඊට අදාළ ලියකියවිලි රැගෙන පැමිණිය යුතුව ඇත.

විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ලබාගැනීම සඳහා මේ දිනවල පන්දහසකට අධික පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙති. කොරියන් භාෂා ප්‍රවීණතා විභාගය ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment