දුම්රිය ගාස්තු 60% කින් ඉහළට

330

අවම ගාස්තුව රු.20 ට නගී
ඒත් අද ඉඳලා ඒක කරන්න බෑ – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියයි

දුම්රිය ගාස්තු අද (22දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව දුම්රිය සාමාන්‍ය ගාස්තුව බස්

ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

එහිදී අවම දුම්රිය ගාස්තුව රුපියල් 20 දක්වා ද සමස්ත ගාස්තුව සියයට 60කින් ඉහළ දැමේ.

ඉන්ධන මිල ඉහළ යෑම මත මෙලෙස දුම්රිය ගාස්තු ඉහළ දැමේ.

මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් මාධ්‍ය වෙත දුම්රිය ගාස්තු අද දින සිට සංශෝධනය වන බව ප්‍රකාශ කරනු ලැබුව ද ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වය මත එය එම දින සිට ක්‍රියාත්මක කිරීමට නොහැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියා සිටී.

අදාළ ගාස්තු සංශෝධනය එම සංගමය විසින් 22 වැනිදා සිට ක්‍රියාත්මක නොකරන බවට සලකන ලෙස ද එම සංගමය සඳහන් කරයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment