නවක වධයට වැට බඳින්න රෑට හොස්ටල් චෙක් කරයි

127

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධ සිදුවීම් වැළැක්වීම සඳහා රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අලුයම 05 ත් අතර කාලයේ නවක වධය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බව ද රාඝවන් මහතා පවසයි. මේ සඳහා විශ්වවිද්‍යාල විනයාරක්ෂක නිලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයන් යොදවන බව ද ඒ මහතා කියයි.

මේ වනවිට නවකවධ සිද්ධීන් පිළිබඳ පැමිණිලි කිරීමට වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී ඇති බවත් එයට පැමිණිලි ලැබෙමින් පවතින බවත් ඇමැතිවරයා කියා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment