පාසල් සිසුන් මත්කළ ජාවාරම්කරුවෙක්  මත්පෙති සමග දැලේ

113

පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්පෙති ජාවාරමේ යෙදුන සැකකරුවෙකු රුපියල් 27,500ක් වටිනා මත්පෙති කාඩ් 11 ක් සමග අත් අඩංගුවට ගත් බව මැදවච්චිය පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අංක 93 කනුව, සංගිලිකනදරාව, මැදවච්චිය ලිපිනයේ පදිංචි 50 හැවිරිදි කලුපහන මිත්‍රගේ මනුල ප්‍රියංකර නමැති සැකකරුවෙකි. 211 පාබල බසේමු බුද්දි හා ආරක්ෂක උප සමූහයේ ඒ කණ්ඩයට ලද තොරතුරුක් මත මැදවච්චිය පොලිසිය සමග එක්ව කළ වැටලීමකදි මැදවච්චිය ඒ 09 මාර්ගයේ පුද්ගලික වෙළෙඳසලක් අසල සිටියදී මෙම සැකකරු මත් පෙති සමග අත්අඩංගුවට ගෙන ඇත.

දිගින් දිගටම මැදවච්චිය ප්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මත්පෙති ජාවාරම සිදුවෙන අතර ඒ සඳහා අවශ්‍ය මත්පෙති මිලදී ගැනීම මැදවච්චිය පුද්ගලික ඖෂධ හල් වලින් සිදු කරන බවද බුද්ධි අංශ අනාවරණය කරයි. ඒ පිළිබඳ අනුරාධපුර ඖෂධ පාලන අධිකාරිය දැනුවත් කළද එහි නිලධාරින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ඔවුන් වැඩි දුරටත් කියයි.

මැදවච්චිය-ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment