ගාල්ල සහ දඹුල්ල නෑෂනල් – සුපර් ලීග් අවසාන මහා තරගයට

103

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවීමෙන් පැවැත්වෙන ජාතික සුපර් ලීග් (නැෂනල් සුපර් ලීග්) සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් ඊයේ (26 වැනිදා) සමත් වූයේය.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල සහ මහනුවර කණ්ඩායම අතර තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගාල්ල කණ්ඩායම ද දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල සහ යාපනය කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 132ක ජයග්‍රහණයක් ද ලබා ගෙන එම කණ්ඩායම් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීය.

ගාල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරගයේ ජයග්‍රහණය සඳහා දෙවෙනි ඉනිමේ ලකුණු හඹා ගිය නුවර කණ්ඩායම තරගයේ අවසාන දිනය වූ ඊයේ දිනයට තරගය අවසන් වන විට පන්දු වාර 55 යි එක් පන්දුවකදී කඩුලු 5ක් දැවී ලකුණු 299ක් ලබා සිටියේය.

එහිදී නුවර කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ නැවත වරක් ශතකයක් ලබා ගනිමින් දස්කම් දැක් වූ අතර සඳුන් වීරක්කොඩි ලකුණු 73ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3ක් බිඳ හෙලුවේය.

දඹුල්ල සහ යාපනය කණ්ඩායම අතර තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 463ක ඉලක්කයක් හඹාගිය යාපනය කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 331කට දැවී යෑම හේතුවෙන් දඹුල්ල කණ්ඩායමට ලකුණු 132ක ජයග්‍රහණයක් හිමි විය.

යාපනය කණ්ඩායම වෙනුවෙන් දෙවන ඉනිමේදී නවෝද් පරණවිතාන අර්ධ ශතකයක් ලබා ගත් අතර විශිෂ්ට පිතිහරඹයක නිරත වූ රවිඳු ප්‍රනාන්දු ලකුණු 131ක් ලබා ගත්තේය.

දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්‍රියංජන් සහ චලන ද සිල්වා කඩුළු 3 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූහ.

ගාල්ල කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී රැස් කරන ලද ලකුණු 658 ක ඉනිම වෙනුවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ලද නුවර කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කිරීමට සමත්වූයේ ලකුණු 227 ක් පමණි.

කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දඹුල්ල කණ්ඩායම තෙවැනි දිනයට තරගය නිමාවන විට (25 දා) තරගය නිමා කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටියේය.

දඹුල්ල දෙවැනි ඉනිම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුණු වනිඳු හසරංග ලකුණු 95 ක් ලබා ශතකය පෙනී පෙනී දැවී ගියේය. පන්දු 66 ක් පමණක් ඒ සඳහා වැය කළ දකුණත් පිතිකරුවා ඒ සඳහා හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් ඉනිමට එල්ල කළේය. ඔහුට අමතරව පළමු ඉනිමේදී ශතකයක් රැස් කළ පවන් රත්නායක ලකුණු 47 ක් රැස් කළේය.

දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 426 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ලද ජැෆ්නා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කිරීමට සමත් වූයේ ලකුණු 236 කි. මෙම තරගයේදී දඹුල්ල පිල වෙනුවෙන් ක්‍රීඩා කළ පා දඟ පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ දුශාන් හේමන්ත හමුවේ ජැෆ්නා පිතිකරුවන් අසරණ විය.

දැවී ගිය කඩුලු 10 න් 6 කටම හිමිකම් කීවේ පා දඟ පන්දු යවන වනිඳු හසරංගය. ඔහු පන්දු වාර 19.4 ක් යවමින් නිලකුණු පන්දු වාර 7 කදී ලකුණු 46 කට කඩුලු 6 ක් දවා ගත්තේ කලකට පසු රතු පන්දුවෙන් දස්කම් අතරට පැමිණෙමිනි. ඔහුට අමතරව එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී කඩුලු 11 ක් දවා ලමින් තරගාවලියේ වීරයා බවට පත් වුණු දුශාන් හේමන්ත ලකුණු 51 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

යාපනය පළමු ඉනිම වෙනුවෙන් නැවතත් ලකුණු අතරට පිවිසි රොන් චන්ද්‍රගුප්ත ලකුණු 97 ක් ලබා ශතකය පෙනී පෙනී හසරංග හමුවේ දැවී ගියේය. පන්දු 135 කට මුහුණ දුන් වමත් ආරම්භක පිතිකරුවා ඒ සඳහා හතරේ පහර 11 ක් ඉනිමට ඇතුළත් කළේය.

දඹුල්ල පළමු ඉනිම ලකුණු 426 යි (ඕවර් 122.4) – ගයාන් මනීෂාන් 51, අභිෂේක් ලියනාරච්චි 37, පවන් රත්නායක 117, සනෝජ් දර්ශික 47, අශාන් ප්‍රියංජන 49, චමිඳු විජේසිංහ 28, දුෂාන් හේමන්ත 37, ළහිරු සමරකෝන් 43 (ෂශික දුල්ෂාන් 131/6, ඒෂාන් මාලිංග 65/3)

යාපනය – පළමු ඉනිම 236 යි (ඕවර් 58.4) – රොන් චන්ද්‍රගුප්ත 97, අවිශ්ක තරිඳු 22, සධීර සමරවික්‍රම 34, ජනිත් ලියනගේ 23, ළහිරු මධුසංඛ 34, රවිඳු ප්‍රනාන්දු 13, වනිඳු හසරංග 46/6, දුශාන් හේමන්ත 51/2,

දඹුල්ල දෙවැනි ඉනිම 274 – (ගයාන් මනීෂාන් 18, අබිෂේක් ලියනාරච්චි 11, පවන් රත්නායක 47, සනෝජ් දර්ශික 29, අශාන් ප්‍රියන්ජන් 31, වනිඳු හසරංග 95, ජෙෆ්රි වැන්ඩර්සි 68/2)

යාපනය දෙවන ඉනිම 331/10
රවිඳු ප්‍රනාන්දු 131, නවෝද් පරණවිතාන 51
අශාන් ප්‍රියංජන් 61/3, චලන ද සිල්වා 86/3

ගාල්ල – පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 658යි (ඕවර් 160) – ෂොහාන් ඩී ලිවේරා 133, සංගීත් කුරේ 27, ලක්ෂාන් එදිරිසිංහ 49, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 214, දුනිත් වෙල්ලාලගේ 33, පැතුම් කුමාර 24, සුමින්ද ලක්ෂාන් 74, කවිෂ්ක අංජුල 59 (අමිෂ් ද සිල්වා 77/1, ලසිත් ඇඹුල්දෙණිය 231/4, සචිත්‍ර පෙරේරා 123/2, සඳුන් වීරක්කොඩි 28/1, ලසිත් කෲස්පුල්ලේ 23/1)

මහනුවර – පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 227 යි – අහන් වික්‍රමසිංහ 84, රවීන් යසස් 36, ලසිත් කෲස්පුල්ලේ 48, ළහිරු උදාර 12, කවිශ්ක අංජුල 40/4, මොහොමඩ් ශිරාස් 44/2, දුනිත් වෙල්ලාලගේ 52/3

ගාල්ල දෙවැනි ඉනිම කඩුලු 6 දැවී ලකුණු 212
මහනුවර දෙවැනි ඉනිම 299/5
ලසිත් කෲස්පුල්ලේ 101
සඳුන් වීරක්කොඩි 73
ප්‍රවීන් ජයවික්‍රම 98/3

advertistmentadvertistment
advertistmentadvertistment