අපේ මුස්ලිම් ජනතාව කෘෂි කර්මාන්තයෙන් ඈත් වෙමින් තිබීම කනගාටුදායකයි

196

අපි රටේ නායකයන්ට අධ්‍යාත්මිකව උපදෙස් ලබා දෙනවා. රටේ ජනාධිපතිවරයාටත් අධ්‍යාත්මිකව උපදෙස් ලබා දීම අපේ යුතුකමක්. එය ආගමික උපදේශනයක් වගේම අයිති කාර්යයක් වෙනවා. අන්තර් ආගමික සාම කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත, ජනාධිපති අධ්‍යාත්මික උපදේශක නේපාලයේ ලුම්බිණි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ කාර්ය භාර විහාරාධිපති කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරයේ විහාරාධිකාරී ධර්ම කථික ගල්ලැහැපිටියේ විමලරතන හිමියෝ අනුශාසනාවක් කරමින් එසේ පැවසූහ.

රාමසාන් උත්සවය නිමිතිකර ගෙන සිංහල, මුස්ලිම්, කතෝලික සහ අන්‍ය ආගමික ජාතිකයන් අතර සාමය සමගිය සංහිඳියාව පවත්වාගෙන යෑම වෙනුවෙන් කටුපොත සියඹලාගස්කොටුව රිච්වින් හෝටලයේ පසුගිය දිනක පැවැති සුහද හමුවකට සහභාගිවෙමින් උන්වහන්සේ මෙසේ අනුශාසනාවක් කළහ. මෙම සුහද හමුව කටුපොත, සියඹලාගස්කොටුව අන්තර් අරාබි විදුහලේ විදුහල්පති අල්හාජ් අලිබකර් මවුලවිතුමා විසින් සංවිධානය කරන ලදි. එහිදී වැඩිදුරටත් අනුශාසනාව පැවැත් වූ උන්වහන්සේ, ජනතාවගේ අවශ්‍යතා රජය මඟින් ඉටුකරන්න ඕනෑ. තරුණ පිරිසට හොඳ රටක් අපි නිර්මාණය කරන්න ඕනෑ. මේ සඳහා ආගමික නායකයන් සහජීවනය වෙනුවෙන් එකට එකතු විය යුතුයි. එසේ එකතු වෙලා කටයුතු කළොත් හොඳ රටක් නිර්මාණය කර ගැනීමට පුළුවන් වෙනවා. පසුගිය දිනවල දිගින් දිගටම කෘෂි කර්මාන්තය

ගැන කතා කළා. නමුත් මුස්ලිම් ජනතාව ඉතාමත් වේගයෙන් කෘෂි කර්මාන්තයෙන් ඈත් වෙමින් සිටිනවා. අද වන විට කුඹුරු වැඩ කරන මුස්ලිම් ජනතාව දකින්නට නැති තරම්.

සබරගමුව සහ වයඹ විශ්වවිද්‍යාලවල කථිකාචාර්ය මෙත්සිල චමින්ද මහතාද මෙහිදී කතා කළහ.

දුම්මලසූරිය – සෝමවීර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment