අල්ලස් ගත් එස් අයිගේ වැඩ තහනම්

132

රුපියල් හැටතුන් ලක්ෂ පනස් තුන්දාහක අගරු චෙක්පතක් සම්බන්ධව කර තිබූ පැමිණිල්ල යටපත් කරන බව පවසා රුපියල් තිස්පන්දාහක අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි කියන උප පොලිස් පරීක්ෂකවරයකුගේ සේවය තහනම් කර ඇත.

පෑලියගොඩ පොලිසියට අනුයුක්තව විශේෂ පොලිස් කණ්ඩායමක සේවය කළ අයකුගේ සේවය මෙසේ තහනම් කර ඇත. මෙම පැමිණිල්ල කළ කාන්තාව පවසා ඇත්තේ අගරු චෙක්පතක් සම්බන්ධව ඇයට එරෙහිව කර තිබෙන පැමිණිල්ල යටපත් කිරීමට රුපියල් තිස්පන්දාහක මුදලක් වරින් වර මෙම සැකකරු විසින් තමාගෙන් ලබාගත් බවයි.

රුපියල් හැටතුන්ලක්ෂ පනස්තුන්දහසක අගරු චෙක්පත නිකුත් කර ඇත්තේ ස්වර්ණාභරණ සම්බන්ධවය.

පෑලියගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ උපදෙස් පරිදි මෙම උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව වැඩිදුරටත් විමර්ශන සිදු කෙරේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment