ඇමෙරිකානු පර්යේෂණ නැවට මෙරට දොර වසයි

104

ඇමරිකානු විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට මෙරට රජය තීරණය කර තිබේ.

කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණයකට අනුව ඉහත පියවර ගෙන ඇත.

ඇමරිකා පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ මුහුදු සීමාව භාවිත කිරීමට නොව ඉන්ධන, ජලය, පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් නෞකාව සඳහා අදාළ පහසුකම් ලබාදීමට රජය තීරණයකට එළඹ ඇත.

අදාළ ඇමරිකා නෞකාව චෙන්නායි වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති අතර ඔවුන් ද එම අවසරය දී නැතැයි දැන ගන්නට තිබේ. මීට පෙරදීත් චීන පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව රජය කියා සිටියි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment