පවුල් ලක්‍ෂ 22ක ගෙවතු වගා වැඩ මේ මස ඇරැඹේ

522

පවුල් ලක්‍ෂ 22ක් සවිබල ගැන්වීම සඳහා ගෙවතු වගා සංකල්පය මේ මස අවසානයේ සිට ක‍්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

ඒ සඳහා ගම් මට්ටමින් හඳුනාගත් පවුල් 150ක පමණ පිරිස බැගින් පවුල් ලක්‍ෂ 22ක් තෝරාගෙන ඇත. වගා කිරීම සඳහා බීජ, පැළ, කුකුළු පැටවුන් ලබාදීම වැනි ව්‍යාපෘති මේ මගින් ක‍්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පැවසීය.

ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති රුපියල් මිලියන 85,000ක මුදලින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා මුදල් කෘෂිකර්ම, රාජ්‍ය සේවා ඇතුළු රාජ්‍ය ආයතන 08ක සහභාගීත්වය මත මෙය ක‍්‍රියාත්මක කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment