LPL T20 2011/22 නිල සනීපාරක්‍ෂක සහකරු ලෙස Dettol තෝරා ගනියි

63

ලංකා ප‍්‍රිමියර් ලීග් (LPLT20) 2021/22 තරගාවලියේ නිල සනීපාරක්‍ෂක සහකරු ලෙස Dettol තෝරාගෙන ඇත. 2018 දී ආරම්භ කරන ලද වාර්ෂික ලීගය 2002දීත් පැවැත්වූ අතර යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම විසින් එහිදී ජය හිමිකර ගන්නා ලදී.

විෂබීජ නාශක පිළිබඳ ගෝලීය ප‍්‍රමුඛයා වන ඩෙටෝල්, ගෝලීය වශයෙන් කීර්තිමත් සමාගමක් වන Reckitt හි නිෂ්පාදනයකි. සබන්, අත් සේදීමේ දියර, විෂබීජ නාශක දියර, මතුපිට පිරිසිදු කාරක සහ අනෙකුත් පුද්ගලික සහ ගෘහ ආරක්‍ෂණ නිෂ්පාදන ඇතුළු පුළුල් නිෂ්පාදන පෙළක් Dettol වෙළෙඳ සන්නාමය ස්තුව පවතී.

සීමාසහිත Reckitt Benckiser Lanka සමාගමේ අලෙවි ප‍්‍රධානී ශාමින්ද පෙරේරා මහතා මේ පිළිබඳව තම අදහස් මෙසේ පැවසීය. LPLT20 තරගාවලියේ නිල සනීපාරක්‍ෂක සහකරු ලෙස Dettol තේරී පත්වීම අපට සැබවින්ම වැදගත් අවස්ථාවක්. අංක එකේ විෂබීජ නාශක සන්නාමය ලෙස ඉදිරි ක‍්‍රීඩා ඉසව් සඳහාද අපගේ පූර්ණ සහයෝගය ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.

සීමාසහිත Reckitt Benckiser Lanka සමාගමේ නිෂ්පාදන සමූහ වෙළෙඳනාම කළමනාකාරිනී චතුරිකා ෆොන්සේකා මහත්මිය මෙසේ පැවසුවාය. දැනට පැවැත්වෙන LPLT20 තරගාවලිය සඳහා නිල සනීපාරක්‍ෂක සහකරු ලෙස අපව තෝරා ගැනීම පිළිබඳව SLC සහ LPLT20 නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙනවා. අපි පේ‍්‍රක්‍ෂකයන් සඳහා අත් සෝදන මධ්‍යස්ථාන 20කට අධික ප‍්‍රමාණයක් සියලූම පිවිසුම් දොරටු අසල ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම විෂබීජ නාශක ඒකක ක‍්‍රීඩකයන්ගේ විවේකාගාර මෙන්ම තෝරාගත් මහජන නැරඹුම් ස්ථාන වැනි උපාය මාර්ගික ස්ථානවල භාවිතය සඳහාද තබා තියෙනවා. මීට අමතරව Dettol විසින් තරගාවලිය පුරාම සියලූම විනිසුරුවන්ට පුද්ගලික අත්පිස්නා සහ පුද්ගලික විෂබීජ නාශක දියර සපයා තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment