ජනපති මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු බැහැදකිති

72

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (29 දා) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

ජනපති මල්වතු - අස්ගිරි මහ නාහිමිවරු බැහැදකිති

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

හිටපු ඇමැති මලික් සමරවික්‍රම, ජනාධිපති ලේකම් කමල් පුෂ්පකුමාර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment