ගලිගමුවේ වාහන 4ක් ගැටී ළමුන් දෙදෙනකුට බරපතළයි

218

අපරික්ෂාකාරී ලෙස වරකාපොළ දෙස සිට කෑගල්ල දෙසට ධාවනය කරන ලද මෝටර් රථයක් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී කෑගල්ල දෙසින් පැමිණි මෝටර් රථ තුනක ගැටීමෙන් එම මෝටර් රථයක සිටි ළමුන් දෙදෙනකු බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව කෑගල්ල පොලිසිය පැවසීය.

ඊයේ (30 දා) දහවල් 2ට පමණ සිදුවූ මෙම අනතුරින් වාහන 04 ටම අලාභ සිදුවී ඇත. පොලිසිය පැවසූයේ වරකාපොළ දෙසින් පැමිණි මෝටර් රථයේ රියැදුරු අපරීක්ෂාරි රිය පැදවුමෙන් මෙම අනතූර සිදුවී ඇති බවයි.

මේ සම්බන්ධව කෑගල්ල පොලිසියේ රථවාහන අංශයේ පො.සැ. වරුන් වන (48805) රත්න කූමාර, (67243) දසනායක, (69703) නෙල්සන්, පො.කො. (72470) සරත් බණ්ඩාර යන නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
කෑගල්ල අතිරේක සහ කෑගල්ල – එම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment