වෙඩි වැදී මියගිය උප පොලිස් පරීක්‍ෂක වෙනුවෙන් පොලිසියෙන් ලක්‍ෂ 12ක්

86

මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී පසුගියදා සැකකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය උප පොලිස් පරීක්ෂක ශ්‍රියන්ත රත්නවීර මහතා තිදරු පියෙකි. දොම්පේ ලුණුගම හොරවල ග්‍රාමයේ පදිංචිව සිටි ඔහුගේ බිරිඳ ද පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි අයෙකි. 51 වැනි වියේ පසුවූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූගොඩ පැල්පිට ආදාහනාගාරයේදී අද (14දා) සිදු කෙරේ.

හොරවල නිවෙසේ තැන්පත් කර ඇති උප පොලිස් පරීක්‍ෂක ශ්‍රියන්ත රත්නවීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් එහිදී පොලිස් දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන රු. ලක්ෂ 12 ක් වටිනා චෙක්පත ඒ මහතාගේ බිරිඳ වන චන්දිමා නිලන්ති මහත්මියට භාරදුන් අවස්ථාව.

කිරිඳිවැල – සෝමපාල තැලිගම, පූගොඩ – සරණපාල නුවරපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment