පෙම බිඳුණැයි සිත් රිදී නිදර්ශිනී දිවි නසා ගනී

336

ප්‍රේම සබඳතාවක් බිඳ වැටීම හේතුවෙන් මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි ප්‍රදේශයේ වයස අවුරුදු 17 ක පාසල් සිසුවියක් සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

ඇය පාසල් ගොස් ආපසු පැමිණෙන අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් සිට නොමැති අතර ඇය සිය කාමරයේ රෙද්දකින් එල්ලී සිය දිවි හානි කරගෙන තිබේ.

මියගිය තරුණියගේ අසල්වාසීන් නිවසේ කිසිවෙකු නොමැති නිසා තරුණියට කතා කොට ඇති අතර ඇයගෙන් කිසිදු පිළිතුරක් නොමැති නිසා නිවසට ඇතුළුවී බලන විට ඇය නිවසේ බාල්කයක එල්ලී සිටිනු දැක ඇත. වහාම ඇයව පුදුකුඩිඉරිප්පු රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඇය ඒ වන විටත් මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇත.

එස්. නිදර්ශිනී නමැති මෙම සිසුවිය අපොස උසස් පෙළ ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් වෙයි.

පුදුකුඩිඉරිප්පු පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment