මාර්ග බාධකවලදී පොලිසියට පාට් දැමූ 6 ක් අත්අඩංගුවට

65

වරකාපොල සහ පානදුර දකුණ පොලිස් ස්ථානවලට අයත් මාර්ග බාධකවල සේවය කළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට පහරදීම්, බැණවැදීම් හා තර්ජන කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. වරකාපොල නුවර පාරේදී මාර්ග අලුත්වැඩියා කිරීම නිසා කොළඹට සහ මහනුවරට යෑමට විකල්ප මාර්ගයක් යොදා තිබියදී නුවර සිට කොළඹ බලා එමින් තිබූ පුද්ගලික බස් රියක පැමිණි විශ්‍රාමික හමුදා භටයකු සහ පිටස්තර පුද්ගලයන් තිදෙනකු එහි සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සමග බහින්බස්වී ඔවුන්ට පහරදී ඇතැයි වරකාපොල පොලිසිය කියයි.

මෙම පිරිස විනෝද සංචාරයක් ගොස් ආපසු එමින් සිටියදි මෙම ආරවුල සිදුවී ඇති බව ද වාර්තා වේ.

මෙහිදී විශ්‍රාමික හමුදා සෙබළා ඇතුළු සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර දකුණ පොලිසියේ කොස්තාපල්වරයකු වලාන ප්‍රදේශයේදී හෙල්මට් නැතිව යතුරුපැදියක ගිය පුද්ගලයන් දෙදෙනකු පරීක්‍ෂා කළ අවස්ථාවේ ඔවුන් දෙදෙනා ඊට එරෙහිව නඩු නොදමන ලෙස කියමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇත.

එම අවස්ථාවේ යතුරුපැදියේ ගිය එම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment