ගලි වළකට වැටී දෙදෙනෙක් මරුට

180

කොළඹ නගර සභාවේ කම්කරුවන් දෙදෙනෙකු ගලි වළකට ඇදවැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරු සේවයේ නිරතව සිටි දෙදෙනෙකි.අද දහවල් කොළඹ කොටහේන ප්‍රදේශයේ ගලි වලක නළ පද්ධතියක් අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී එක් අයෙකු එම වළට වැටී ඇත.පසුව ඔහුව බේරාගැනීම සඳහා අනෙක් පුද්ගලයා ද එම වළ තුළට බැස තිබේ. එහිදී ඔහුද එම වළට තුළට වැටී ඇති බව පොලීසිය පවසයි.බරපතළ තත්ත්වයේ පසුවූ ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ 28 සහ 38 හැවිරිදි වියේ පසුවූ කොළඹ 10 සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment